සිතල සිතුවිලි ටිකක්.. ලස්සනට අමුනල... පැදුරක රාට වියන්න වගෙ ලස්සනට ගෙත්තම් කරලා. ඔයාට බලන්න දෙන්නෙ හරිම අාදරයෙන්..... සිත තුල උපදින නැවුම් සිතුවිලි එකතුව
Wednesday, July 14, 2010
අහිමි දුක.........................
පුංචි දරැ පැටියෙකුගේ අතට යමක් දිලා උදුරා ගත්තම ඒ පුංචි ඒකාගේ මුහුණ දැකලා තියෙනවද අනේ අහිසංක දුකක් පිරිලා... හරියට ඒ අතට ගත්තු දේ මුලු ලොකයක් වගෙයි පුංචි ඒකාට දැනෙන්නේ.. ඒක උදුර ගත්තාම.. දෙයියනේ.. හරි ආදරයෙන් අහිංසක විදියට දොතට ගත්තු ඒ ආදරය ඔයා මගෙන් උදුර ගත්තම.. මටත් හිතෙන්නේ අර පුංචි ඒකාට වගේ බිම පෙරලිලා අඩන්න.. අනේ මං කොහොමද රත්තරං එහෙම කරන්නේ.. දැන් මම ලොකු එකෙක්.. ඒත් ඔයාගේ ආදරය ඉස්සරහ.. පුංචි එකෙකුටත් වඩා අහිසකයි.. අසරණයි.. කවදාවත් මාව දාලා යන්නේ නැ කියලා.. මගේ මුහුණ අතගාල.. කිවුව ඔයා.. කවදාවත් මාව ඒපා කියලා කිවුවම... පපුව පැලෙන්න තරම් දුකයි.. ඔයාව රැජිනක් කරපු මගේ සිහින මාලිගාවම.. එක පාරට.. බිමට පාත් උනේ. ඉස්සර දවසක අපි දෙන්නා වැල්ලේ වැලි මාලිගාවක් හදලා.. අපි බලාගෙන ඉන්දැදිම.. එක රැල්ලක් ඇවිත්.. ඒ මාලිගාව වැලි තලාවක් කලා වගෙයි.. අනේ මං අහිතක් කිලුටක් හිතන්නේ නැ.. මගේ රත්තරං නංගියේ.. පන්සලකට ගියත් බුදුන් වැන්දත් මේ දැත් නලළෙ තියලා කියන්නේ. හැමදාකම ඔයාව සතුටින් තියන්න කියලා.. මගේ හැම සිහින සිතුවිල්ලක්ම මගේ දැස් ඉදිරියේ.. කඩාගෙන බිමට වැටෙද්දිත්.. ආදරය කරපු මගේ හදවතින් මම.. කොහොම වෛර කරන්නද චුටි පැටියෝ.. ජිවිතේ හැම තත්පරයකම පැතුව වගේ දැනුත් මම පතන්නේ... දුක සතුට උරැම අපේ ජිවිතයේ.. සතුට ඔක්කොම ඔයාටත්... දුක් ඔක්කොම මටත් ලැබෙන්න කියලා.. තෙරැවන් සරණයි..........
Subscribe to:
Post Comments (Atom)

This comment has been removed by the author.
ReplyDeletei promis u..
ReplyDeleteno matter wt happens,
when u look back....
i'll always b there...