Wednesday, May 12, 2010

කාලයේ වේගය හා ජිවිත



පුංචි දුව.....
හිරැටත් කලින් අවදිව සිතල පාන්දර කඩියෙකු මෙන් එහෙ මෙහේ දුවයි.. අම්මා... "ටයි එක දැක්කද?" අම්මාගෙන් අසයි... "අම්මා අයියා... බලන්න අම්මා.. මගේ පැන නැ..." පොත් ටික බැගය තුලට දමාගනි. අනේ පුංචි දුවාටත් වඩා බරයි පොත් කදන්ද! බරයි තමයි.. එත්.. අද මේ බර දරාගත්තේ නැත්නම් හෙට දවස නුඹට ලොකු බරක් දුවේ අම්මා සිතයි... පුංචි කොක් පැටවු ටිකක් ගේ දොරකඩට විත් බලා සිටි යං යං පරක්කු වෙලා.... අම්මා යලිත් සිතයි... අනේ දුවෙ හමුදා කදවුරක බැගයක් කර පින්නාගෙන දුවන සොල්දාදුවෙක් වගෙයි... නුඹ (පුංචි පැටවු ටික පාසලට යන අපුරැ මට මගේ පාසල් කාලය සිහි ගන්වයි..) දවසේ පැය 6ක් පාසලේ ගෙවා දමා සිංහයෙකු හාවකු පසු පස දිව එන්නා මෙන් පුංචි දුවා දිව එන්නේ අම්මා.... මට බඩගිනියෝ... ගෙදර ආ වෙලේ සිටම බොනික්කකු තුරැල් කරගනි. රැ තිස්සේ පොත් පත් පෙරලන්නේ ‍ පාසලේ දුන් ගෙදර වැඩ මතක් වු පසුවය. මේසේ කාලය ගෙවි යයි.... දැන් දුව ලොකු ලමයෙකි. අද අම්මා ආච්චි අම්මා කෙනෙකි... අද ඒ පුංචි හුරතලි ලොකු දැරියකි.. අද මිනිබිරියට ඒසේ ගත කිරිමට කාලයක් නැත... උදේට වාහනයක් ඇවිත් දොරකොඩය.. දවල්ට උදෙට කන්නේ කඩෙනි.. අච්චි අම්මා කල්පනා කරයි...... ‍මෙය මාගේ සිතට නැගුන සිතුවිල්ලකි.. මන්ද අප පාසල් ගිය කාලය ඉතා සුන්දර අත්දැකිම් සමුදායකින් පිරි කාලයකි.. එහෙත් අද දරැවන් හතරැස් කොටුවක සිමාවන් අතර හිරවි සිටි... මට දැනෙන්නෙ දුකකි.. ඔබගේ පාසල් කාලයේ සුන්දතම අත්දැකීම් සටහන් කරන්නට හැකිනම් එයට මෙහි ඉඩ අැත....

1 comment:

  1. පුංචි කාලය හරිම සුන්දරයි , ඒ කාලයට ආයි යන්න ඈතිනම් !!!!

    ReplyDelete