
Rugagraphicart
සිතල සිතුවිලි ටිකක්.. ලස්සනට අමුනල... පැදුරක රාට වියන්න වගෙ ලස්සනට ගෙත්තම් කරලා. ඔයාට බලන්න දෙන්නෙ හරිම අාදරයෙන්..... සිත තුල උපදින නැවුම් සිතුවිලි එකතුව
Saturday, July 24, 2010
Wednesday, July 14, 2010
අහිමි දුක.........................
පුංචි දරැ පැටියෙකුගේ අතට යමක් දිලා උදුරා ගත්තම ඒ පුංචි ඒකාගේ මුහුණ දැකලා තියෙනවද අනේ අහිසංක දුකක් පිරිලා... හරියට ඒ අතට ගත්තු දේ මුලු ලොකයක් වගෙයි පුංචි ඒකාට දැනෙන්නේ.. ඒක උදුර ගත්තාම.. දෙයියනේ.. හරි ආදරයෙන් අහිංසක විදියට දොතට ගත්තු ඒ ආදරය ඔයා මගෙන් උදුර ගත්තම.. මටත් හිතෙන්නේ අර පුංචි ඒකාට වගේ බිම පෙරලිලා අඩන්න.. අනේ මං කොහොමද රත්තරං එහෙම කරන්නේ.. දැන් මම ලොකු එකෙක්.. ඒත් ඔයාගේ ආදරය ඉස්සරහ.. පුංචි එකෙකුටත් වඩා අහිසකයි.. අසරණයි.. කවදාවත් මාව දාලා යන්නේ නැ කියලා.. මගේ මුහුණ අතගාල.. කිවුව ඔයා.. කවදාවත් මාව ඒපා කියලා කිවුවම... පපුව පැලෙන්න තරම් දුකයි.. ඔයාව රැජිනක් කරපු මගේ සිහින මාලිගාවම.. එක පාරට.. බිමට පාත් උනේ. ඉස්සර දවසක අපි දෙන්නා වැල්ලේ වැලි මාලිගාවක් හදලා.. අපි බලාගෙන ඉන්දැදිම.. එක රැල්ලක් ඇවිත්.. ඒ මාලිගාව වැලි තලාවක් කලා වගෙයි.. අනේ මං අහිතක් කිලුටක් හිතන්නේ නැ.. මගේ රත්තරං නංගියේ.. පන්සලකට ගියත් බුදුන් වැන්දත් මේ දැත් නලළෙ තියලා කියන්නේ. හැමදාකම ඔයාව සතුටින් තියන්න කියලා.. මගේ හැම සිහින සිතුවිල්ලක්ම මගේ දැස් ඉදිරියේ.. කඩාගෙන බිමට වැටෙද්දිත්.. ආදරය කරපු මගේ හදවතින් මම.. කොහොම වෛර කරන්නද චුටි පැටියෝ.. ජිවිතේ හැම තත්පරයකම පැතුව වගේ දැනුත් මම පතන්නේ... දුක සතුට උරැම අපේ ජිවිතයේ.. සතුට ඔක්කොම ඔයාටත්... දුක් ඔක්කොම මටත් ලැබෙන්න කියලා.. තෙරැවන් සරණයි..........
Saturday, May 15, 2010
Wednesday, May 12, 2010
කාලයේ වේගය හා ජිවිත


පුංචි දුව.....
හිරැටත් කලින් අවදිව සිතල පාන්දර කඩියෙකු මෙන් එහෙ මෙහේ දුවයි.. අම්මා... "ටයි එක දැක්කද?" අම්මාගෙන් අසයි... "අම්මා අයියා... බලන්න අම්මා.. මගේ පැන නැ..." පොත් ටික බැගය තුලට දමාගනි. අනේ පුංචි දුවාටත් වඩා බරයි පොත් කදන්ද! බරයි තමයි.. එත්.. අද මේ බර දරාගත්තේ නැත්නම් හෙට දවස නුඹට ලොකු බරක් දුවේ අම්මා සිතයි... පුංචි කොක් පැටවු ටිකක් ගේ දොරකඩට විත් බලා සිටි යං යං පරක්කු වෙලා.... අම්මා යලිත් සිතයි... අනේ දුවෙ හමුදා කදවුරක බැගයක් කර පින්නාගෙන දුවන සොල්දාදුවෙක් වගෙයි... නුඹ (පුංචි පැටවු ටික පාසලට යන අපුරැ මට මගේ පාසල් කාලය සිහි ගන්වයි..) දවසේ පැය 6ක් පාසලේ ගෙවා දමා සිංහයෙකු හාවකු පසු පස දිව එන්නා මෙන් පුංචි දුවා දිව එන්නේ අම්මා.... මට බඩගිනියෝ... ගෙදර ආ වෙලේ සිටම බොනික්කකු තුරැල් කරගනි. රැ තිස්සේ පොත් පත් පෙරලන්නේ පාසලේ දුන් ගෙදර වැඩ මතක් වු පසුවය. මේසේ කාලය ගෙවි යයි.... දැන් දුව ලොකු ලමයෙකි. අද අම්මා ආච්චි අම්මා කෙනෙකි... අද ඒ පුංචි හුරතලි ලොකු දැරියකි.. අද මිනිබිරියට ඒසේ ගත කිරිමට කාලයක් නැත... උදේට වාහනයක් ඇවිත් දොරකොඩය.. දවල්ට උදෙට කන්නේ කඩෙනි.. අච්චි අම්මා කල්පනා කරයි...... මෙය මාගේ සිතට නැගුන සිතුවිල්ලකි.. මන්ද අප පාසල් ගිය කාලය ඉතා සුන්දර අත්දැකිම් සමුදායකින් පිරි කාලයකි.. එහෙත් අද දරැවන් හතරැස් කොටුවක සිමාවන් අතර හිරවි සිටි... මට දැනෙන්නෙ දුකකි.. ඔබගේ පාසල් කාලයේ සුන්දතම අත්දැකීම් සටහන් කරන්නට හැකිනම් එයට මෙහි ඉඩ අැත....
Monday, May 10, 2010
වෙන් වීම
වෙන් වීම
ඇත සද දෝතට ගන්න මම ගත්තු වෙහෙසක්කොටු කැලි අත් දෙකට හරි ආදරයක් අරගෙන මං ආවේ
හදවතේ පිරිලා ඉතිරිලා වාං යන ආදරයත් අරගෙන
අහිංසක හින කන්දක් පපුවට තුරැල් කරගෙන
ඒ ආදරය ඔයාටම විතරක් දෙන්න......
කිරිවෙහෙරෙ කොතට සද එලිය වැටිලා දිලිසෙන්න වාගේ
දිලිසෙන ඔය ඇස් දිහාව බලාගෙන ඉන්න.... ආසයි
ඒත් රබර් පට්ටයක් ඇදලා අතහරින්නා වගේ
මගේ ඇස් ලගට සිතට ඇවිත් මෙහෙම වෙන් වෙලා යන්න ඒපා
රත්තරනේ......
පවු පුරවගන් නැ...
දරා ගන්න බැරි වෙදනාවක් හිත ඇතුලේ ඇවිලෙනවා...
මං ඒක ගින්නක් කරලා ඔයාව... ඒකට ඇදලා දාන් නැ..
සංසාරේ කවදම හරි දවසක මං වෙනුවෙන් උපදින්න කියලා
පුංචි අහිංසක ඉල්ලිමක් විතරයි මම කරන් නේ...
මම ඔයාලගෙන් ඉල්ලන් නේ පුංචි comment එකක් විතරයි
Saturday, May 8, 2010

නුඹ මගෙ අාදරය වු විට
මට සියල්ල නුඹ යයි සිතුනි
විටෙක නුඹ නැතිව මට දිවි ගෙවන්නට
හැකිය මා හදවතට කියද්දි..
හදවත මට කියා සිටින්නෙ
නුඹෙන් තොර ජිවිතයත් අර හිස් අාකාශ
වගෙය කියාය..
නුඹෙන් වෙන් වෙන්න බැරැව
අැස් පුපුරැ ගහද්දී...
මගෙ මුරණ්ඩු අහංකාර හිත නුඹෙන් ෙවන් ෙවද්දී
ඉකි බිදපු හැටි නුඹට අැසුනා නම්...
නුඹට දැෙන්වි මා ඔබට අාදරය කල තරම්........
Wednesday, May 5, 2010
Subscribe to:
Comments (Atom)

